ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිස් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

කන්කසන්තුරය, තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 7ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා කන්කසන්තුරය සහ තලෙයිමන්නාරම වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා යාපනය හා තලෙයිමන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.