බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන්හට විශේෂ යෝගා වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2015 සැප්තැම්බර් මස 30 වන විශේෂ යෝගා වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. නාවික හමුදා පුහුණු අධ්‍යක්ෂ ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා ඇතුළු බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ නාවිකයන් එක්ව සිටියහ.

මෙම වැඩසටහන ජනප්‍රිය නිලි කළාශූරී අනෝජා වීරසිංහ මහත්මිය, කේරලයේ ශිවනන්ද යෝගා වේදාන්ත දනවන්තරී ආශ්‍රමයේ ජ්‍යෙෂ්ඨ යෝගා ආචර්ය ශ්‍රී නටරාජ් සහ ජ්‍යෙෂ්ඨ යෝගා ආචාරිණී ශ්‍රීමතී කල්‍යානි මහත්මිය එක්ව පවත්වන ලදී. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම මෙන්ම, ආතති තත්වයෙන් මිදීම සඳහා යෝගා ක්‍රම තුලින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව මෙම වැඩසටහනේදී සාකච්ඡා කරනු ලැබීය.

මෙම වැඩසටහන තුලින් නාවික පුද්ගලයන්ගේ සෞඛ්‍ය සම්පන්න බව පවත්වා ගැනීම උදෙසා දක්වන ලද දායකත්වය අගය කිරීමක් ලෙස සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් අනෝජා වීරසිංහ මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් මෙහිදී ප්‍රධානය කරන ලදී.