ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් කිම් චෝල් හ්වෑන් මහතා අද දින (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

නාවික හමුදාධිපතිතුමන් හා දකුණු කොරියානු ආරක්ෂක උපදේශක තුමන් ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු කළ අතර, නව පත්වීම් ලද නාවික හමුදාධිපතිතුමන් හට එහිදී කර්නල් කිම් චෝල් මහතා සිය සුභ පැතුම් එක් කළේය. එමෙන්ම දෙරට අතර අන්න්‍යෝන්‍ය සුහදතාවය පවත්වා ගැනීම සඳහා තම උපරිම සහයෝගය ලබාදෙන බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළින හුවමාරුවක් ද සිදුවිය.