ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පුහුණු කඳවුරක් නැගෙනහිර නාවික විධානයේදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩා සංගමයේ සභාපති හා වත්මන් නාවික හමුදාධිපති වන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම මත ගෝල්ෆ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පුහුණු කඳවුරක් ත්‍රිකුණාමළය සැන්ඩි බේ ගොල්ෆ් ක්‍රීඩාංගණයේ දී පසුගිය අගෝස්තු මස 08 සහ 09 යන දිනයන්හි දී පැවැත්විණි. මෙම අවස්ථාවට නැගෙනහිර නාවික ආඥාපතිතුමන් නියෝජනය කරමින් විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා සහභාගී විය.
 
ජාතික ගොල්ෆ් සංවර්ධන වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු මෙම පුහුණු කඳවුර, නාවික හමුදා ගොල්ෆ් කණ්ඩායමේ පුහුණුකරු ජගත් කල්දේරා මහතා විසින් පවත්වනු ලැබීය. ඒ සඳහා නාවික නිලධාරීන් 50ක් පමණ සහභාගී වූ අතර, එහිදී කුඩා ළමුන් සඳහා ද පුහුණු වැඩසටහනක් පැවැත්විණි.