2015 අන්තර් විධාන සරඹ තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට පුහුණු විධානය සමත්වෙයි

2015 අන්තර් විධාන සරඹ තරඟාවලිය අගෝස්තු මස 24 වන දින සාම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගී විය. මෙම අවස්ථාවට නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් ද විශාල පිරිසක් සහභාගී විය.

පසුගිය වසරේදී මෙන්ම මෙවරද සියලුම විධානයන් අභිබවමින් ශූරතාවය තමන් සතු කර ගැනීමට පුහුණු විධානය සමත් වුනු අතර, ඔවුනට හිමි කුසලානය රියර් අද්මිරාල් රොසයිරෝ මහතා අතින් ලබාගත්තේය. තරඟාවලියේ අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය දිනාගත් අතර, එම විධාන කණ්ඩායමට අණදුන් ලුතිනන් තිලිණ ගුණරත්න එහි හොඳම අණදෙන්නාට හිමි කුසලානය දිනා ගත්තේය.