ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂවරයා නාවික හමුදාධිපති හමුවෙයි

අගෝස්තු මස 27 සහ 28 යන දිනයන්හි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂක රියර් අද්මිරාල් විලියම් මැක්විල්කින් මහතා අද (25) දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් රියර් අද්මිරාල් මැක්විල්කින් මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය.

එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.