පොලිස්පතිතුමා නව නාවික හමුදාධිපතිතුමන් සාදරයෙන් පිළිගනියි

20 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික වශයෙන් සිදු කෙරෙන නිල හමුව සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (24) දින පොලිස් මූලස්ථානයේදී පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා හමුවිය.    

එහිදී පොලිස්පතිතුමන් විසින් ‍නාවික හමුදාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, නාවික හමුදාධිපතිතුමා වෙනුවෙන් පොලිස් මූලස්ථානයේදී සම්මාන ආචාරමුරයක්ද පවත්වන ලදී. ඉන් අනතුරුව රාජකාරීමය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වුනු පොලිස්පතිතුමන් නව පත්වීම ලද නාවික හමුදාධිපතිතුමන්හට සුභපැතුම් එක් කරමින් නව ධූරයේ රාජකාරීන් සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවද ප්‍රකාෂ කර සිටියේය.

මෙම නිල හමුව සනිටුහන් කරමින් පොලිස්පතිතුමා සහ නාවික හමුදාධිපතිතුමා අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු විය.