2015 හොඳම වෙබ් අඩවි තරඟාවලියේ කුසලතා සම්මානය නාවික හමුදාවට

එල්කේ වසම් ලේඛාධිකාරය (LK DOMAIN REGISTRY) මඟින් වාර්ෂිකව පවත්වනු ලබන,ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය තේරීම සදහා වූ තරඟාවලියේ, 2015 වර්ෂ‍යේ සම්මාන ප්‍රධානෝත්සවය 2015 අගෝස්තු මස 13 වන දින කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ.

එම තරඟාවලියේදී රාජ්‍ය ආයතන කාණ්ඩය යටතේ රන් හා ‍රිදී සම්මාන දිනා ගැනීමට පිළිවෙලින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබ් අඩවිය සමත් විය. මෙහිදී ලෝකඩ සම්මානය ප්‍රදානය නොකල අතර, එම කාණ්ඩයේ පිරිනමන ලද එකම කුසලතා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිල වෙබ් අඩවිය වන www.navy.lk සමත් විය.