ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් රචිත ˝ගෝණපුර අසිරිය˝ නම් කෘතිය නාවික හමුදාධිපතිතුමාහට පිළිගැන්වේ

ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් ත්‍රිකුණා‍මලය දිස්ත්‍රික්කයේ ‍ඓතිහාසික ස්ථාන අලලා රචිත ˝ගෝණපුර අසිරිය˝ නමැති පර්යේෂණාත්මක කෘතියේ මුල් පිටපත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත අද දින (14) නාවික හමුදා මූලස්ථානයේදී පිළිගන්වන ලදී.

මෙහිදී නාවික හමුදාධිපතිතුමන් විසින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැදගත් ඓතිහාසික ස්ථාන පිළිබදව දුර්ලභ කරුණු අලලා මෙවැනි පර්යේෂණාත්මක කෘතියක් රචනා කිරීම සම්බන්ධව ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර දක්වන ලද කැපවීම හා ඔහුගේ හැකියාව අගය කල අතර, තවත් මෙවන් ග්‍රන්ථ රචනය කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන බවට ප්‍රකාශ කළේය. නාවික හමුදා පුද්ගලයන් තුල පොත්පත් රචනා කිරීමේ හැකියාව වර්ධනය කිරීම හා ඒ පිළිබදව උනන්දු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවද එතුමන් විසින් මෙහිදී පැහැදිලි කරන ලදී.

ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකු වන ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර විසින් රචිත කෘතීන් අතුරින් ˝දේවින්දි˝ නව කථාව ˝පුනර්ජීව˝ කෙටි කථාව මෙන්ම ˝සිරිලක මුතු පවුර ˝ සහ ˝ශ්‍රී ලංකාවේ මුහුදු වැද්දෝ˝ යන පර්යේෂණාත්මක කෘති ඉන් විශේෂ තැනක් ගනී.