කල්පිටියේ නිවසක සිදුවූ ගින්න මැඩපැවැත්වීමට නාවික හමුදා සහාය

කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ නිවසක 11 වන දින අළුයම සිදුවූ ගින්න මැඩපැවැත්වීමට කල්පිටිය නාවික හමුදා කඳවුරේ ගිණි නිවීමේ ඒකකයට හැකි විය.

කල්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ දැනුම්දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ කල්පිටිය නාවික කඳවුරේ නාවිකයන් එදින අළුයම 0100 ට පමණ සිදුවූ මෙම ගින්න මැඩපවත්වා නිවස සම්පූර්ණයෙන් විනාශ වීමට නොදී බේරාගැනීමට සමත්විය.

නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා ගින්න මැඩ පැවැත්වීමට හැකි වූ බව ඒ සඳහා සහාය දැක්වූ ගම්වැසියෝ පැවසූහ.