අසූව දශකයේ නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයින් නාවික හමුදාපති හමුවෙයි


1980 දශකයේ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඊයේ (07) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ලුතිනන් කොමාණ්ඩර් ආනන්ද බණ්ඩාරනායක ප්‍රමුඛ මෙම රග්බි සාමාජිකයින් පිරිස, නව පත්වීම් ලද නාවික හමුදාධිපතිතුමන් හට සුභපැතුම් එක් කළ අතර, එවකට නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ වත්මන් නාවික හමුදාපතිතුමන් නැවත හමුවීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වන බවද සඳහන් කළේය.

මෙම පිරිසට පාලක ප්‍රධාන සුළු නිලධාරී යූකේ රංජිත්, පාලක ප්‍රධාන සුළු නිලධාරී එන්පීජේ පියරත්න, සමූහ ප්‍රධාන සුළු නිලධාරී ආර්ඩීයූ විජේරත්න, සමූහ ප්‍රධාන සුළු නිලධාරී එන්ඩබ්එම්එස්එස් නවරත්න, සමූහ ප්‍රධාන සුළු නිලධාරී එම් සෙරිෆ්ඩීන්, ප්‍රධාන සුළු නිලධාරී පීජීජීඑන් විජේරත්න, ප්‍රධාන සුළු නිලධාරී ඒඒසී රණතුංග, සුළු නිලධාරී ටීඑස්එම් බිංගලිෆ්, සුළු නිලධාරී ආර්එල් ප්‍රියන්ත, සුළු නිලධාරී එන්ඒඑස්ඒ පෙරේරා, නායක නැවි පී හතරලියද්ද, නායක නැවි ඩබ්එම්යූපී ප්‍රනාන්දු, බලනැවි කේඑල්යූඑල් ද සිල්වා සහ බලනැවි ඩබ්එල් කරුණාරත්න අයත් විය.

එහිදී නාවික හමුදාධිපතිතුමන් හා සුහද කතාබහක නිරත වූ රග්බි සාමාජිකයෝ, රග්බි ක්‍රීඩාව පිළිබඳ මනා අවබෝධයක් ඇති දක්ෂ ක්‍රීඩකයකු වන වත්මන් නාවික හමුදාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ පවතින නාවික හමුදා රග්බි කණ්ඩා‍යමේ උන්නතිය උදෙසා තමන්ට හැකි උපරිම දායකත්වය ලබාදෙන බව පැවසූහ.

ඔවුන් සමඟ නාවික හමුදාධිපතිතුමා සමූහ ජායාරූපයකට පෙනී සිටි අතර, ඔවුන්ගේ පැමිණීම හා ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඔවුන් දැක්වූ දායකත්වය අගය කිරීම සඳහා නාවික හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.