රථ වාහන දුම් පරීක්ෂාව හා එහි වැදගත්කම පිළිබඳ එක්දින පුහුණු වැඩ මුළුව

ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් වාහන දුම් පරීක්ෂාව හා එහි වැදගත්කම පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුවක් කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ජූලි මස 21 දින පැවැත්විය.

මෙම වැඩසටහන මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන දුම් පරීක්ෂා අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒඩබ්ලිව් දිසානායක සහ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී එල්ඩී ජයසූරිය යන මහත්වරුන් විසින් මෙහෙයවන ලදී. එහිදී වාහන දුම් පරීක්ෂාව සිදුකරන ආකාරය හා එහි වැදගත්කම පිළිබඳව න්‍යායාත්මක දේශන පැවැත්වීමෙන් අනතුරුව නාවික පුද්ගලයින්ගේ දැනුම වර්ධනය සඳහා එහි ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ද පැවැත්විණි.

පුහුණු වැඩමුළුව සඳහා බටහිර නාවික විධානයේ රථ වාහන රාජකාරීන් සිදුකරන නාවිකයින් විශාල පිරිසක් සහභාගී වූ අතර, ඉදිරියේදී ‍අනෙකුත් නාවික විධානයන් හීද මෙම එක් දින පුහුණු වැඩමුළුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.