නාවික හමුදා පළමු යුනිෆයිට් ක්‍රීඩා තරගාවලිය ත්‍රීකුණාමල නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වේ

යුනිෆයිට් ක්‍රීඩා සංගමයේ සභාපතිතුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු නාවික හමුදා පළමු යුනිෆයිට් ක්‍රීඩා තරගාවලිය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ක්‍රීඩාගාරයේදී පසුගිය ජූලි මස 18 වන දින සාර්ථකව නිමාවට පත්විය. මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගී වූ අතර, නාවික හමුදා යුනිෆයිට් සංගමයේ සභාපති හා නාශ්‍රී ලංකා යුනිෆයිට් සංගමයේ ඒකාබද්ධ ලේකම් වරුන් වන නිමල් වීරක්කොඩි සහ උදිත පීරිස් යන මහත්වරුන්ද, පාසල් හා ක්‍රීවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න මහතා ද එම අවස්ථාවට එක්විය.

මෙම ක්‍රීඩාව හඳුන්වාදීමේ අවස්ථාවට ඩා සංගම් රැසක සාමාජිකයින් ද එක් වුනු අතර, තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද, ක්‍රීඩාව සඳහා අනුග්‍රහය දක්වන නියෝජිතයින්ද එක් විය.

ක්‍රීඩා විනය පවත්වාගෙන යාමට මනා පිටුවහලක් වන මෙම ක්‍රීඩාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරක්ෂක හමුදාවන්ට මෑතකදී හඳුන්වාදුන් ක්‍රීඩාවකි. මෙය අදියර දෙකකින් පැවැත්වෙන අතර, එහි පළමු අදියර යටතේ බාධක තරණය කළ යුතු අතර, ඉන් එක් බාධකයක් හෝ තරණය කිරීමට නොහැකි වන තරගකරුවන්ට ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදුවේ. එහි දෙවන අදියර යටතේ තරගකරුවන් මුහුණට මුහුණ සටන් කළ යුතු අතර, එය ආත්මආරක්ෂක සටන්, මල්ලවපොර, ජූඩෝ, ජිව්-ජිට්සූ, කුරාශ්, කරාටේ, වූෂු, බොක්සින් හා කික් බොක්සින් යන සටන් ක්‍රම වලින් සමන්විත වේ.

මෑතකදී ස්ථාපිත කෙරුණු නාවික හමුදා යුනිෆයිට් සංගමයට, තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුනිෆයිට් ෆෙඩරේෂන් හි නිලධාරීන් ලබාදුන් සහයෝගය මනා සේ දායක විය.

තරගාවලි පැවැත්වීම සඳහා අවශ්‍ය උපකරණ හා පහසුකම්, නාවික හා සාගරික විද්‍යාපීඨය සතුව පවතින අතර, පිළිගත් පුහුණුකරුවන්ගේ සහයද ඒ සඳහා ලැබේ. දැඩි විනය නීති මාලාවකින් සමන්විත මෙම ක්‍රීඩාව පිළිබඳ වැඩිවිස්තර www.unifight.com වෙබ් අඩවියෙන් ලබාගත හැක.