නව නාවික හමුදාපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර  විජේගුණරත්න මහතා අද දින (ජූලි 14) අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවිය. නාවික හමුදාධිපතිතුමන් ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් හමුවූ පළමු අවස්ථාව මෙයයි.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදෙන දායකත්වය පිළිබඳ ජනාධිපතිතුමන් එහිදී කෘතඥතාවය පළ කර සිටි අතර, නව නාවික හමුදාධිපති හට සිය සුභ පැතුම් ද පිරිනැමීය. මෙහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් පළමු නිල හමුව සනිටුහන් කරමින් ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදී.